පිළිතුරක් එනතෙක් බලා සිටීම
අපගේ දියණිය 15වන වියේදී ගෙදරින් පැන ගියාය. සති තුනක් පමණ ඇය අපට හමු නොවීය. එ් අපගේ ජීවිතයේ දීර්ඝතම සති කිහිපය විය. අපි ඇයව සැම තැනම සෙව්වෙමු. නීතියෙන් සහ මිතුරන්ගෙන් සහය පැතීමු. එ් ඉතා දුෂ්කර දින වලදී දෙවියන්වහන්සේ කෙරෙහි යාච්ඤාවෙන් සිටීමේ වැදගත්කම අපි ඉගෙන ගතිමු. අපි අපගේ ශක්තියේ කෙළවරට පැමිණ සිටියෙමු. දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට අපට සිදුවිය.
අපට ඇය මුණගැසුනේ පියවරුන්ගේ දිනයේදීය.…